Tuesday, August 4, 2009

ලිංගික ප්‍රජනනය Sexual Reproductivity

ලිංගික ප්‍රජනන ක්‍රියාවලිය යනු එකිනෙකට වෙනස් ජන්මානු සෛල දෙකක් එක්වී තම වර්ගයාගේ පැවැතම උදෙසා නව ජීවියෙක් බිහිකිරීමෙ විශ්වීය සත්තාවයි .මානව ලිංගික ප්‍රජනනය ගතහොත් ,ස්ත්‍රී සෛලයක් හෙවත් ඩිම්භයක් පුරුෂ ශුක්‍රාණුවක් හා එක්ව ජීවි කළලයක් නිර්මාණය වීම සිදු වේ.මෙය ගැබ් ගැනීම ලෙස හැඳින්වේ.මෙය ස්වභාවික ලෙස ලිංගික සංසර්ගයකින් හෝ කෘතීම ලෙස කළල නිර්මාණය කර ගර්භයෙහි තැම්පත් කිරීම කළ හෑක.

මෙහිදී ප්‍රජනන ක්‍රියාවලිය නිසියාකාරයෙන් සිදුවීමට ස්ත්‍රී පුරුෂ ප්‍රජනන පද්ධතීන් එකිනෙකට ආවේණික ලක්ෂණ සහිතව සැකසී ඇත.මානවයා ලිංගික පරිනතියට පත්වීම හෙවත් මල්වරීම, වැඩිවියට පත්වීම යොවුන්වියීදී එනම් අවුරුදු 10-14 කාල පරාසය තුළදි සාමාන්යයෙන් සිදුවේ.මෙම කාලය තුළදී ස්ත්රී ඩිම්භකෝෂය තුළින් ඩිම්භ මෝර පිටවීම හා වෘෂණකෝෂ තුළ පුරුෂ ශුක්රාණු සුදුසු ලෙස සැකසීම ආරම්භ වෙයි.මෙලෙස ඩිම්භයක් හා ශුක්රාණුවක එක්වීම සංසේචනය නෑතහොත් කළලයක් නිර්මාණය ලෙසද ගැබ් ගැනීම ලෙසද හැදින්වේ.


ස්ත්‍රී ප්‍රජනනපද්ධතිය.
ස්ත්‍රී ප්‍රජනන පද්ධතිය ගැබ් ගැනීමෙ සිට දරු උපත දක්වා වූ සංකීර්ණ වූ ක්‍රියාවලියක් සඳහා සැකසී ඇත.
ඩ්ම්භයක් මෝරා ශුක්රණුවක් හා සංසේචනය වී නිර්මාණය වූ යුක්තානුව කළලයක් බවට පත්ව,පසුව පූර්ණ දරුවෙකු ලෙස වර්ධනනය වන්නේ ශ්‍රෝණි කුහරය තුළ ඇති ගර්භාශය තුළය.

ගර්භාශය (uterus)
ගර්භාශය (uterus) මූත්‍රාශය හා ගුදය අතර පිහිටී ඝන වූ මස් පිඬු වලින් සැදුනු මැද කුහරයක් සහිත අවයවයකි.ගැබ පිහිටීමට පෙර එහි දිග අඟල් දෙක හමාරක් හෝ තුනක් පමන වන අතර එහි යෝනි මාර්ගයට නෙරා ඇති කොටස ගැබ් ගෙළ (cervix Uteri) යනුවෙන්ද ඉහළ කොටස ගැබ් සිරුර (Corpus Uteri) යනුවෙන්ද හඳුන්වනු ලැබේ.
ගර්භාශය ඇතුළත ඝන වූ සිවියකින් වැසී පවතී.මෙය ගර්භක්ශේත්‍රය (Endometrium)නම් වේ.ඉන් පිටත ඝනවූ මස් පිඬු සමූහය ගර්භපේශි (Mesometrium) යනුවෙන්ද සියල්ලටම පිටතින් ගර්භවේෂ්ටනය(Perimetrium) නම් වූ සිවිය පිහිටා ඇත.

ගැබ්නාල හෙවත් පැලෝපීය නාල (Fallopian Tubes)

මෙය ගර්භාශය දෙපස පිහිටි අඟල් 4 1/2ක් පමණ දිග දිග නළ දෙකකි.මේවායේ එක් පැත්තක් ගර්හාශයටැද අනෙක් කෙළවර උදර කුක්කුෂියට ද විවෘත වේ.උදර කුක්කුෂියට විවෘත මුඛය අවට නිතර චංචල වන ලෝම වැනි වූ මස්දළු රාශියක් තිබේ. එමඟින් ඩිම්භකෝෂවලින් පිටවන ඩිම්භ නළය තුළත ඇදගෙන ගර්භාශය කරා ගෙන යයි.යම් හේතුවකින් මෙම නළ දෙකෙහිම කුහරයන් හෝ මුඛයන් වැසුනි නම්, බීජ වලට ගමන් කළ නොහැකි වීම නිසා ගැබ් ගැනීමක් සිදු නොවෙයි.

ඩිම්භකෝෂ (ovaries)
මෙය අඟල් 1 1/2 ක් පමණ දික් වුද, අඟල්3/4 පමණ පුළුල් වූද,අඟල් 1/2ක් පමණ ඝන වූද ගර්භාෂය දෙපස පිහිටි ඕවලාකාර හැඩයකින් යුතු ස්ත්‍රී බීජ හා ලිංගික හෝමෝන නිපදවන කෝෂ දෙකකි.
උපතේදී කාන්තාවකගේ ඩිම්භකෝෂ තුළ නොවැඩුනු බීජ සිය දහස් ගණනක් ඇති මුත් වැදිවියට පැමිණි කාලයේ සිටවයස අවු:45ක් පමණ වන තුරු කාලය තුල පූර්ණ මේරු තත්වයට පත්වන්නේ බීජ 360-480 ක් වූ ප්‍රමාණයකි.

ඩිම්භකෝෂය දෙකින් මාරුවෙන් මාරුවට මසකට එක් මේරූ ඩිම්භය බැගින් පිට කරයි.එය පැලෝපීය නාලය තුළින් ගර්භාශය කර පැමිණේ. මෙම බීජය රඳවා ගැනිම සඳහා ගර්භාශයේ ඇතුළු සිවියද මහත් වී ලෙය රැස් කර සැරසෙන්නේය.මෙම සිවිය කුඩා ලේ නහර හා බෙලසුල් (සෙම)නළ (Gland tubes) රැසකින් යුතු සෙම් සිවියකි. යුක්තාණුවක් නොසෑදුනු විට මෙම සිවියෙහි රැස් වූ ලෙය පිටවේ.එය බෙලසුල් ද්‍රව්‍ය හා සියුම් සිවි මිශ්‍ර විම නිසා සාමාන්ය රුධිරය මෙන් කැටි නොවී ඔසප් ලෙය (Menstrual blood )වශයෙන් මසකට වරක් "මාස් ශුද්ධිය,ඔසප්වීම" ලෙස හෑදින්වේ.

පුරුෂ ප්‍රජනක පද්ධතිය
පුරුෂ ප්‍රජනක අවයව සංසර්ගයක් හරහා ශුක්‍රාණුවක් සත්‍රී ශරීරය තුළදී ඩිම්භයක් හා සම්බන්ධ කළ හැකි ආකාරයට සැකසී ඇත. වෘෂණ කෝෂ නම් වූ විශේෂිත කෝෂයක් තුළ මෙම ශුක්‍රාණු හා ටෙස්ටොස්ටෙරෝන් නම් වූ පුරුෂ හෝමෝන නිපදවේ. මෙම වෘෂණ වෘෂණ කෝෂ සිරුරෙන් මදක් බැහැරව පිහිටයි.ශුක්‍රාණු නිපදවීම උදෙසාදේහ උෂ්ණත්වයට වඩා අඩු උෂ්ණත්වයක් අවශ්‍යවීම ඊට හේතුවයි. වෘෂණය තුල පිණ්ඩිකා 200-300 පමණ පවතී.මේ සෑම පිණ්ඩිකාවක්ම කූඤ්ඤ හැඩැති අවකාශයකින් යුතුය.එකී අවකාශය තුල දඟර ගැසුනු නාලිකා රුසකි.මේවා ශුක්රධර නාලිකාය.
ලිංගික උත්තේජනයක දී ටෙස්ටොස්ටෙරෝන් හෝමෝනය ශුක්රධර නාලිකාතුලවූ ශුක්‍රාණු මාතෘ සෛල උද්දීපනය කරයි.මෙලෙස නිපදවූ ශුක්‍රාණු වලින් ශුක්රධර නාලිකා පිරී යන අතර ඒවා ශුක්‍ර නාලිකා තුළට විවර වී ඇත.මේ ශුක්‍ර නාලිකා වෘෂණ වෙතින් නික්ම අපි වෘෂණ ට යැවේ. ශුක්‍රාණු තාවකාලිකව තැන්පත්කොට තබන්නේ අපි වෘෂණය තුළයි. අපි වෘෂණය යනු වෘෂණ කෝෂ වල ඉහළින් ඇති දඟර ගැසුණු තනි නාළයකි.මෙහි කෙළවරින් ශුක්‍ර නාළිකා ඇරඹේ. මෙලෙස ඇරඹෙන ශුක්‍ර නාල යුගල පසුව මුත්ර මාර්ගයට එක්වේ. මේ එක්වන ස්ථානය අසල ග්රන්ථී තුනකින් (ශුක්‍ර ආශයිකාව,.පුරස්ථි ග්රන්ථිය,.කූපර් ග්රන්ථිය) එක් වන ශ්‍රවයනුත් නිසා සුදු පැහැති උකු තරලයක් සෑදේ. මෙයට ශුක්‍ර තරලයයැයි කියයි. ලිංගික සංසර්ගයකදී ඍජු වූ ශිශ්ණය ඔස්සේ මෙම ශුක්‍ර තරලය ස්ත්‍රී යෝනි මාර්ගයට මුදා හැරේ.එක් වරකට ශුක්‍ර තරල මි.ලී.2.5-3.5 අතර ප්‍රමාණයක් පිටවන අතර එක් මිලිලීටරයක ශුක්‍රාණු මිලියන 100 පමණ අඩංගු වේ.

No comments:

Post a Comment