skip to main |
skip to sidebar
දරුපිළිසිඳගැනීමකට පූර්ව සූදානම Getting Ready for Pregnancy
කාන්තවක් හා පුරුෂයෙකුගේ කායික මෙන්ම මානසික වූ ආධ්‍යාත්මික බන්ධනය තුළින් සිදුවන දරු උපත සියළු විශ්වීය සන්තානයනට වඩා අතිශයින්ම උතුම් වූ ද සුන්දර වූ ද ක්‍රියාවලියකි.මිනිසෙකුගේ තුළින් අවශ්‍ය බීජ ලැබ සිය බීජ හා මුසු කොට ලෝකයේම තවත් එක් කොටසක් තම රුධිරය හරහා ගර්භාශයෙහි පෝෂණය කර නව ජීවියෙකු ලෙස මෙලොවට දායද කළ හැක්කේ ගැහැණියකට පමණි. නොනවතින්නා වූ විශ්වීය ගමනේදී මව් පියන් ලෙස ඔබ අභිසෙස් ලබන්නේ දරුවා නම් වූ ශුද්ධ වස්තුව තුළිනි..............
ඔබගේ ජීවිතයේ භාග්‍යවත්ම අවස්ථාව දෙමවු පියන් වීම බව නොරහසකි.එසේ නම් ඔබ දෙදෙනාම ඒ සඳහා පෙර සුදානමක් තිබීම වැදගත්ය.නීරෝගි බුද්ධිමත් දරුවෙකු ලබාගැනීමට ඔබ දෙදෙනාම ඔබගේ කායික ,මානසික හා ආර්ථික හැකියාවන් පිළිබඳ මනා අවබෝධයකින් සිටීම වැදගත්ය. එසේම මවක පියෙකු ලෙස සාර්ථක වීමට ගර්භණීසමය තුළ හා ඉන් පසු ඔබට මුහුණ දීමට සිදුවන අභියෝග මෙන්ම වගකීම් පිළිබඳවද දෙදෙනාමටම මනා වැටහීමක් තිබිය යුතුය.
No comments:
Post a Comment