Saturday, August 8, 2009

ගැබ් ගැනීම ( Fertilization )

ලිංගික සංසර්ගයකදී ශුක්රධාතුව යෝනි මාර්ගයට මුදා හැරුණු විට ශුක්ර බීජයක් ක්රමයෙන් ගර්භාෂයට ඇතුළු වී එහි ඉහළ කොටසේ ඇති පැලෝපීය නාළයකට ඇතුළුවේ.මෙ අවස්ථාවෙදී පැලෝපීය නාළය තුළ ඩිම්භයක් තිබුනේ නම් සංසේචනය වී දාරකෝත්පත්ති බීජය හෙවත් යුක්තානුවක් නිපදවේ. මෙහිදී සෛල විභේදනය ආරම්භ වේ. මෙම යුක්තානුව ක්රමයෙන් ගර්භාශය කරා පැමිණෙන්නේය. (එසේ නොපැමිණියහොත් පැලෝපීය නාළය තුළ කළලය වර්ධන වේ.(Tubal pregnancy))

මෙම යුක්තනුව හටගත් කළ ගර්භාශයේ ඇතුළු සිවිය (Endometrium) අඟල් 1/2 ක් පමණ ඝන වේ(Decidua).දින තුනක් පමණ ගර්භාෂය තුළ පාවෙමින් පැවති යුක්තානුව ගර්භාෂ බිත්තියෙහි ඇතුළු සිවිය සිදුරුකොට ඇතුළට වද ඇලී අධිරෝපණය වේ.මෙය දරුවකු පිළිසිද ගැනීම වේ..බීජය සම්පූර්නයෙන් ඇතුළු වූ පසු ඉන් ඇති වූ සිදුර වැසී යයි.සිවිය තුළ තැම්පත් වූ බීජයද ලෙයින් ගැවසීගත් කුහරයකට වැදි වේගයෙන් වැඩෙන්නට පටන්ගනී.සති හතරකට පමණ පසු මෙම බීජය සිවි දෙකකින් යුතු වේ.එනම් පිට සිවිය වන කොරියම (Chorion) හා ඇතුළු සිවිය කලලාවාරික පටලය(Amnion) යනුයි.එහි පිට සිවිය අවට සියුම් ලෝම වැනි තුඩු රැසක් (Chorionie Villi)ඇතිවේ. මෙම තුඩු ගර්භාශයේ මහත් වූ ඇතුළු සිවිය (Decidua) සහ එහි පිහිටි රුධිර නාළ සිදුරු කොට කුහරයක් සැදී එහි ඇතිවන මවගේ රුධිරයෙන් කළලයට අවශ්‍ය මනා පෝෂණය ලබා ගනී.බීජය වර්ධනය වන විට ගර්භාශයේ කුහරය දෙසට වන් තුඩු ක්‍රමයෙන් කුඩා වී නැතිවී යයි.නමුත් ගර්භාශයේ මස් වැදලි දෙසට යොමු වූ තුඩු ක්‍රමයෙන් වර්ධනය වී එම පෙදෙසෙහි වූ සිවිය හා සම්බන්ධවී තුන්මසකින් වැදෑමස,කළල බන්ධය (Placenta) සම්පූර්ණ ලෙස සැදෙන්නෙය.කළල බන්ධයත් කළලයත් පෙකනිවැලෙන් සම්බන්ධ වේ. සති 6ක් පමණ වූ කළලය භ්රෑණය නම් මේ වන විට ගර්භාශය සම්පූර්ණයෙන්ම කළලයෙන් පිරී පවතී.ගැස්සීම් හා කම්පනයන්ගෙන් ආරක්ෂා වීමට කළලවාරයත් භ්රෑණයත් අතර කුහරය කළලාවාරික තරලයෙන් (Amniotic fluid) පිරී ඇත.භ්රෑණය දින 280ක් ගර්භාෂය තුල වර්ධනය වේ.

වැදෑමස (Placenta)
මෙය වනාහි ගර්භාශයේ ඝන වූ ඇතුළු සිවියේ (Decidua)කොටසකින්ද, කළලයේ පිට සිවියේ තුඩු (Chorionic villi)කොටසකින්ද සැදුනු මාංසමය අවයවයකි.ගර්භය සම්පූර්ණයෙන් මේරූ විට වැදෑමස අඟල් 8ක් පමණ පුළුල් මැද අඟලක් පමණැ ඝ්න කවාකාර තැටියක් හා සමානය.එය මැද සිට කෙළවර දක්වා ක්‍රමයෙන් තුනීවී අග කොටස සම්පූර්ණයෙන් කොරියම හා සම්බන්ධ වේ.එහි බර 500 g ක්පමණ වේ.එය සාමන්‍යයෙන් දරුවාගේ බරෙන් සයෙන් කොටසකි.
වැදෑමසෙහි ප්‍රයෝජන
  • කළලයට පොෂණය ගෙන දීම
  • දරුවාගේ ශරීරයෙහි විශ වාතය ඉවත්කොට පිරිසිදු වාතය ගෙන දීමෙන් ආශ්වාස ප්‍රශ්වාස කරන අවයවයක් ලෙස ක්‍රියා කිරීම.
  • ශරීරයේ විෂ ද්‍රව්ය විනාෂ කිරීම.
  • රෝගබීජ ළදරුවාගේ රුධිරයට ඇතුළු වීම වැළැක්වීම.
නැබනළය හෙවත් පෙකෙණිවැල(Umbilical Cord)
ළදරුවා සහ වැදෑමස සම්බන්ධ කරවන පෙකෙනිවැල සාමන්‍යයෙන් අඟල් 20ක් පමණ දිගය.ඇතැම් විට එය අඟල් 3ක් පමණ කෙටිවද,අඩි 5ක්, 6ක් පමණ දික්වද දක්නට ලැබේ.එහි මහත අඟල්1/2ක් පමණවේ. මෙය රුධිර නාළ 3කින් යුක්තය.මැද නහරය අවට ඉතිරි නහර දෙක එතී පිහිටන බැවින් ඇඹරිගිය ආකාරයෙන් පෙනේ.මෙම නහර ඝන ද්‍රව්‍යකින්ද(Wharton's felly) වැදෑමසට අයත් ඇතුළු සිවියෙන්ද වැසී තිබේ.මැද නහරය වැදෑමස සිට කළලයවෙත ඔක්සිජන් වායුවද අවශ්‍ය පෝෂණ සංයෝග ද්‍රව්‍ය ද ගෙන යයි.අනෙක් නහර මඟින් ළදරුවාගේ ශරීරයෙන් පිටවන විෂ ද්‍රව්‍ය හා විෂ වාතය වැදෑමස කරා ගෙනයනු ලැබේ.ඇතැම් විට ළදරුවාගේ බඩවැලෙහි කොටසක් මෙම පෙකෙණිවැලෙන් අඟළක් පමණදුරට නෙරා තිබෙන්නට හැකි බැවින් පෙකෙණිවැල බැදීමේදී නාභියෙන් අඟල්2 ක් පමණ ඈතින් බඳිනු ලබයි.

කළලවාරික තරලය (Amniotec Fluid)

මෙය දරුවාටත් වැදෑමසට අයත් ඇතුළු සිවියටත් අතර ඇති මදක් දුඹුරු පැහැති ද්‍රාවනයකි.ගැබ මේරූ විට මෙය පයින්ට් දෙකක් භාගයක් හෝ දෙකක් පමණ වේ.ඇතැම් විට ඊට අධිකවද විය හැක.ළදරුවාගේ සම වැසී තිබෙන ගැබ් මළ හෙවත් තෙල් ද්‍රව්‍යයෙන්ද, සිනිඳු ලෝම වලින්ද,මුත්‍ර ආදිය මිශ්‍ර වීමෙන්ද එහි වර්ණය වෙනස් විය හැක.

කළලවාරික තරලයෙහි ප්‍රයෝජන

  • ගර්භාශයෙහි වැඩෙන දරුවාට ඔබමොබ පෙරළීමට අවකාශ ඇතිවීම
  • ගර්භිණී අවස්ථාවේදී උදරයට පහර වැදීම් අදියෙන් දරුවාට විය හැකි අනතුරු වැලැක්වීම
  • දරුවාට අවශ්‍ය ජලය සම්පාදනය කිරීම
  • දරුවාගේ ශරීරයේ උණුසුම රඳා පවත්වා ගැනීමට උපකාරී වීම.
  • ප්‍රසවයේදී ගර්භාශය හැකිළෙනවිට දරුවා සහ වැදෑමස අතර රුධිර ධාවනය පවත්වා ගැනීමට උපකාරී වීම.
  • ප්‍රසවයේදී ගර්භ මුඛය පහසුවෙන් විවෘත කරලීමට උපකාරී වීම
  • දරුවාගේ බිහිවීමට පෙර තද වතුර පහරකින් මෙන් යෝනිමග සෝදා පිරිසිදු කිරීම

No comments:

Post a Comment