Showing posts with label දරු පිළසිඳ ගැනීමක් සඳහා සුදුසුම ලිංගික ඉරියව්ව. Show all posts
Showing posts with label දරු පිළසිඳ ගැනීමක් සඳහා සුදුසුම ලිංගික ඉරියව්ව. Show all posts

Sunday, September 6, 2009

දරු පිළසිඳ ගැනීමක් සඳහා සුදුසුම ලිංගික ඉරියව්ව

දරු පිළසිඳ ගැනීමක් සඳහා වඩාත් සුදුසු හා සුවිශේෂ වූ ලිංගික ඉරියව්ව මෙයයි කියා නිෂ්චිතව පැවසිය නොහැක.
පුරුෂයා ගැහැනියගේ සිරුර මත හිඳ සංසර්ගයේ යෙදීම වැනි ලිංගික ඉරියව් මගින් ශුක්‍රාණු වැඩි ප්‍රමාණයක්
ගර්භාෂයේ ග්‍රීවය දක්වා රැගෙන යාම වඩාත් පහසු කරන නිසා එවැනි ලිංගික ඉරියව් දරු පිළසිඳ ගැනීමකට වඩාත් යෝග්‍ය වේ.

සංසර්ගයේ යෙදෙන විට සහකාරියගේ උකුල යටින් කොට්ටයකත් තැබීම මගින් ගැබ්ගෙල වෙත වැඩි ශුක්‍රානු ප්‍රමාණයක් ඇතුළුවනවා මෙන්ම ඒවා වැඩි වේලාවක් එහි රඳවා තබා ගැනීමටද හැකි වේ (විනාඩි 20ක් හෝ).
මෙය මගින් ශුක්‍රාණු වලට ඉතාමත් ලෙහෙසියෙන් ගැබ් ගෙල හරහා පිහිනා යාමට අවස්ථාව සැලසේ.
(සැ.යු. විශාල ප්‍රමාණයේ කොට්ටයක් භාවිතා නොකරන්න, මන්ද ශුක්‍ර තරලය ගැබ්ගෙල හරහා ගලා නොගොස් මග රැ‍ෙඳෙන නිසා ඩිම්බ සෛල හා එක් නොවේ. එය ඔබ ඔබගේ ව්‍යායාමය නිස්කාරනේ කඩාකප්පල් කර ගැනීමකි)
එසේම ලිංගික එක්වීමකින් පසු කාන්තාව විනාඩි 15ක් පමණ හරස් අතට හාන්සී වී සිටීමෙන් ශුක්‍ර ධාතු පිටතට නොගොස් ඇතුළට ගමන් කරයි.